නොරොච්චෝලේ බලාගාරය කැඩෙයිද? බාල ගල්අඟුරු නිසා මාර්තු 1 සිට රටේ විදුලියට ලොකු පහරක්

Report

 බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසා ඇත්තේ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍රවලට බරපතල හානි සිදුවීමේ අවදානමක් පවතින බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර ආනයනය කළ ගල්අඟුරු තොග තවමත් බලාගාරයේ තිබෙන නිසා දැනට පැය 10-16 පමණක කාලයකට පමණක් දකුණු අප්‍රිකාවෙන් ගෙන්වූ නව ගල්අඟුරු භාවිතා කරන බවයි.

නමුත් මාර්තු 1 වනදා සිට පූර්ණ වශයෙන්ම මෙම නව ගල්අඟුරු තොගයට මාරු වීමට සිදුවන බවත්, එවිට පැය 24 පුරා භාවිතයෙන් යන්ත්‍රවලට හානි වීමේ ඉහළ අවදානමක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

"තාම පැය 10 - 16ක් වගේ පොඩි ප්‍රමාණයකට විතරයි දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල්අඟුරු පාවිච්චි කරන්නේ. මොකද කලින් සප්ලයර් ගෙනාපු ගල්අඟුරු තාම තියෙනවා බලාගාරයේ. නමුත් නොරොච්චෝලේ බලාගාරයේ කට්ටියගෙන් ඇහුවොත් කියන්නේ, ඒ අයත් සෑහෙන්න බයවෙලා ඉන්නේ මාර්තු 1 වනදායින් පස්සේ, සම්පූර්ණයෙන්ම අලුත් ගල්අඟුරුවලට මාරු වෙන්න සිද්ධවෙනවා මොකද කලින් ගෙනාපු ගල්අඟුරු ඉවර වෙනවා. මේ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු පැය 24ක් පුරා පාවිච්චි කරාම මේ යන්ත්‍රවලට වෙන හානිය තමා මේකට එන ලොකුම ගැටලුව. එතකොට නොරෙච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර දෙක තුනක් ඩැමේජ් වුණොත් මේ වැස්සත් නැති කාලේ. අපි මොකද කරන්නේ. එහෙම වුණොත් ලංකාවේ විදුලිබල පද්ධතියට ඉතා ලොකු පහරක් වෙනවා. කරුණාකරලා ඉංජිනේරුවන් හම්බවෙලා හරි ක්‍රියාමාර්ගයකට එන්න. මුළු රටේම විදුලිබල කෙෂ්ත්‍රයේ සුරක්ෂිතභාවය නැති වෙලා විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩිකරන්න වෙනවා මේක හරියට මැනේජ් කරගත්තේ නැත්නම්."

පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - පුද්ගලයෙක් මරුට

පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - පුද්ගලයෙක් මරුට