කාර්මික ශිල්පියාට මරු කැදවූ දරුණු අනතු‍ර [VIDEO]

By Kanchana May 20, 2026 09:01 AM GMT
Report

බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නතර කර තිබූ ලොරි රථයක පෞද්ගලික බස් රථයක් ගැටී ලොරි රථයේ පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ බව බගවන්තලාව පොලිසිය සදහන් කර තිබේ .

අද (20) උදෑසන 10ට පමණ නළ ළිං අලුත්වැඩියා කරන සේවකයන් රැගත් ලොරි රථය බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නතර කර තිබියදී එම ලොරි රථයේ පැමිණි කාර්මික ශිල්පියෙකු ලොරි රථයෙන් බැස ලොරි රථය අසළ සිටියදි මෙම අනතුර සිදු තිබේ.

කොළොන්න පුදුම කරමින් ලේ පැල්ලම් සහිතව මියගිය අයෙකුගේ සිරුරක්

කොළොන්න පුදුම කරමින් ලේ පැල්ලම් සහිතව මියගිය අයෙකුගේ සිරුරක්

ධාවනයට සුදානම්ව තිබූ පෞද්ගලික බස් රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වී ඉදිරියෙන් නතර කර තිබූ ලොරි රථයේ ගැටීමේදි ලොරි රථය අසළ සිටි කාර්මික ශිල්පියා ලොරි රථයට සහ බස් රථයට මැදි වී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වි ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .

මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව ප්‍ර දේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ   .