පොලිසියට කාන්තා නිලධාරිනියන් 2,650ක් වහාම බඳවා ගනී - අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
By Aylin Zoya
පොලිස් නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උප පොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියන් 2,600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හමුවේ අදහස් දක්වමින් පොලිස් නිලධාරිනියක් මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම දෙමළ භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය මගින් විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවද ඇය කාරක සභාවට පවසා තිබේ.
මෙම වැඩපිළිවෙළ මගින් පොලිස් සේවාවේ කාන්තා නියෝජනය හා භාෂා හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති බවද සඳහන් වේ.