මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරකයි..දවසින් දවස පාතට වැටෙන අද රන් මිල මෙන්න
මැදපෙරදිග යුද උණුසුම තවමත් නිම නොවන පසුබිමක ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් දිනෙන් දින උච්චාවචනය වේ. එවැනි පසුබිමක මෙරට අද(20) දින රන් මිලෙහි සුළු අඩුවීමක් වාර්තා වී ඇත්තේ ඊයේ(19) දින මෙරට රන් මිල ගණන්වලට සාපේක්ෂවයි.
එම මිල ගණන් පහතින්,
රන් අවුන්සයක මිල රුපියල් 1,371,474ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 354,800ක්
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,380ක්
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,350ක් සහ රුපියල් 42,340ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත් මෙම මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය වන බැවින් රන් මිලදී ගැනීමට පෙර වෙළඳපොළේ පවතින මිල ගණන් නැවත පරික්ෂා කර ගැනීම සුදුසු වේ.