කන්න තිබ්බ බත් පතත් නැති වෙන ලකුණු - ගිනි ගණන් නැග්ග එළවළු මිල

Report

සියලුම ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙන්දන් පවසන ආකාරයට එළවළුවල තොග මිල යළිත් වරක් ඉහළ ගොස් ඇත. දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලට ඊයේ (19 වැනිදා) ලැබුණු එළවළුවලින් තොග මිල රුපියල් 100ට අඩු එළවළු තිබුණේ වට්ටක්කා, කැකිරි සහ පිපිඤ්ඤා පමණක් බව එම වෙළෙන්දෝ පවසයි.

උඩරට එළවළු කිහිපයක කිලෝවක තොග මිල රුපියල් 500 ඉක්මවා අලෙවි වූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුසාශක ශාන්ත ඒකනායක පැවසීය.

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

කොළඹ මැනිං, මීගොඩ, වේයන්ගොඩ ඇතුළු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින් සහ දිවයින පුරා ප්‍රධාන නගරවලින් එළවළු තොග ගැනුම්කරුවෝ සාමාන්‍ය ලෙස පැමිණි බව තොග වෙළෙන්දෝ පැවසීය.

බෝංචි කිලෝවක් රුපියල් 550-620, මාළු මිරිස් රුපියල් 550- 600, වම්බටු කිලෝවක් රුපියල් 350ක් 380, කැරට් කිලෝවක් රුපියල් 330 -350, අමු මිරිස් කිලෝවක් රුපියල් 200- 250, ගෝවා කිලෝවක් 100-130 ලෙස ඊයේ දඹුල්ල තොග වෙළඳපොළේ එළවළු තොග මිල දැක්විණි. වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා එළවළු තොග මිල රුපියල් සියය ඉක්මවා නොගිය බව තොග වෙළෙන්දෝ පැවසීය.  

කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහස විසදෙයිද? කපිල චන්ද්‍රසේනට ඇප තැබූ සිව්දෙනාටත් ඇප

කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහස විසදෙයිද? කපිල චන්ද්‍රසේනට ඇප තැබූ සිව්දෙනාටත් ඇප