මුළු ආසියාවම අනතුරේ...රුපියල නිසා ලංකාව දෙදරද්දි ලෝකේ මේ රටවලුත් විශාල අර්බුදයක
වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඇතුළු ලොව රටවල් කිහිපයකම මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීමට රජය පෞද්ගලික වාහන ආනයන බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් ඩොලර් අර්බුදය හමුවේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දීය රුපියල 6.4% කින් ද, නේපාල රුපියල 6.2% කින් ද, ඉන්දුනීසියානු රුපියල 5.2% කින් ද, පිලිපීන පේසෝ එක 4.7% කින් සහ තායිලන්ත බාත් මුදල් ඒකකය 4% ක ප්‍රමාණයකින් ඩොලරයට සාපේක්ෂව දුර්වල වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රුපියල ද 4.8% ක අගයකින් දුර්වල වී ඇති බව සඳහන් කළා.
කෙසේ වුවද කෙටි කාලයක් තුළ මෙරට වාහන වෙළඳපල විවෘත කිරීම නිසා ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් වාහන ආනයනය සඳහා වැය කර ඇති බව ද ඇමතිවරයා හෙළි කළා.
මෙම තත්ත්වය පාලනය කිරීමට පෞද්ගලික පරිහරණයට ගෙන්වන වාහන සඳහා පනවා තිබූ තීරු බද්ද සියයට 100 සහ 130 සිට සියයට 145 දක්වා මාස තුනක කාලයකට වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වුවද මෙම බදු වැඩිකිරීම සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන පොදු වාහන සඳහා අදාළ නොවන බවත් ප්‍රකාශ කළ වසන්ත සමරසිංහ මහතා ඒ අනුව බස් රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මෙම බදු ඉහළ දැමීම සිදු නොකළ බව කියා සිටියා.
එමෙන්ම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වාහන ආනයනය යම් ප්‍රමාණයකට සීමා කර තෙල් පරිභෝජනය ද අඩු කර ගනිමින් රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කර ගැනීම බවත්, එමඟින් පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බවත් ඔහු පැවසුවා.