ගනුදෙනුකරුවන්ට නිවේදනයක් - ගනුදෙනු ප්‍රමාද වූ කොටස් වෙළඳපොළ සුළු මොහොතකට පෙර ආරම්භ වෙයි
අද (01) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භය ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ ගනුදෙනු ආරම්භ කිරීම ප්‍රමාදවී ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව සඳහන්.
කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොළඹ කොටස් හුවමාරුව, ආරම්භක වෙළඳපොළ වෙන්දේසි කැඳවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව සහභාගිවන්නන්ට දැනුම් දී ඇති බවයි.
ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින ගනුදෙනු ආරම්භ කිරීම ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) නිල වෙළෙඳ කටයුතු පෙරවරු 11.00ට ආරම්භ කිරීමට නියමිත බවටයි.