'අග්බෝ' සොයාගැනීම ගැන සජිත්ගෙන් හමුදාවට සහ වනජීවී නිලධාරීන්ට සුබපැතුම්
අතුරුදහන්ව සිටි 'අග්බෝ' හස්තියා හොඳ සෞඛ්ය තත්ත්වයෙන් සහ සුවෙන් පසුවන බව විශ්වාසකටයුතු වනජීවී ආරංචි මාර්ගවලින් තහවුරු වීම සතුටට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි.
සිය නිල 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, අග්බෝ හස්තියා සොයාගැනීමේ සෝදිසි මෙහෙයුම සාර්ථක කරගැනීමට කැපවූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ ඊට සහාය දැක්වූ ත්රිවිධ හමුදා නිලධාරීන්ට සිය උණුසුම් සුභපැතුම් පිරිනමන බවයි.
යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව, නාච්චදූව රක්ෂිතයේ සිටියදී අග්බෝ හස්තියා සොයාගත් බව ආරක්ෂක අංශ අද (19) තහවුරු කළේය.