සරසවි සිසු විරෝධයකට පොලීසියෙන් කඳුළු ගෑස්.

By krishani Sep 06, 2023 12:55 PM GMT
Report

අද (06) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ පේරාදෙණිය - නුවර මාර්ගය ඔස්සේ පැමිණි එම විරෝධතාව විසුරුවා හැරීම සඳහායි.

කෙසේ වෙතත්, මෙම විරෝධය පවත්වා ඇත්තේ IMF පිනවන නිදහස් අධ්‍යාපන වනසන ආණ්ඩුවේ ජනතා දෝහී වාර්තාව ඉරා දමනු, UGC අහෝසි කරන යෝජිත ජාතික උසස් අධ්‍යාපන ආයතන ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හකුලා ගනු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වනසන උපාධි කඩ හරහා වෙද උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හකුලා ගනු, ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට කඩිනමින් විනය පරික්ෂණ සිදු කර වහා නීතිය ක්‍රියාත්මක කරනු, ජිවන බරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දමනු, ප්‍රමාද කළ මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනු යන සටන් පාඨ මූලික කරගෙනයි.