අද කොළඹ මහා උද්ඝෝෂණයක්..වෘත්තීය සමිති 30ක් එක් වෙයි..

Colombo Picketing Teachers picketing Maradana station
By Aruna Jul 22, 2021 03:04 AM GMT
Report

වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තිහක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (22 වැනිදා) උදේ 10ට උද්ඝෝෂණයක් පැවැත්වේ.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව ඇතුළු වෘත්තීය සමිති තිහක් මෙම උද්ඝෝෂණයට එක් වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

මෙම උද්ඝෝෂණයෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක් පවත්වා එහිදීද විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සමග පෙරේදා (20 වැනිදා) පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම නිසාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now