මුරුතවෙල ජලාශයේ ගිලී ගුරුවරයෙකු මරුට
වැලිකන්ද සිසුවෙකුගේ ප්‍රහාරයෙන් තවත් සිසුවෙකුගේ නහය කැඩී බිඳී යෑමක් සම්බන්ධයෙන් වැලිකන්ද රෝහලෙන් වාර්තා වේ.
වැලිකන්ද මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් එක් සිසුවකුගේ නහය කැඩී බිඳී ගොස් ඇති අතර වැලිකන්ද රෝහලේ පැය 24ක් ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා පෙරේදා (04 දා) පොලොන්නරුව රෝහලට යවා ඇත.
සිසුවාට ශල්‍යකර්මයක් කිරීමට සිදුව ඇති බව පෙලොන්නරුව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම ගැටුමෙන් පංතිභාර ගුරුවරියටද සුළු ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවට වාර්තාවේ.
දරුවාගේ සීයා වන සාමවිනිසුරු සහ හිටපු සමථ මූල මණ්ඩලයේ උප සභාපති ගුණසිරි බණ්ඩාර පැවසුවේ,
“රෝහලේ ඉන්නේ මගේ දුවගේ දරුවා. පහර කෑමෙන් සිහිසුන්ව ඇද වැටීම නිසා පංතියේ දරුවන් රෝහලට භාර දී තිබෙනවා. මෙහිදී ගුරුවරයකු රෝහල වෙත ්නොපැමිණීමත්, අප දැනුවත් නොකිරීමත් පිළිබඳ දෙමාපියන් වශයෙන් අප කනගාටු වෙනවා. පහරදීපු සිසුවාව ඊයේ (05 දා) වනවිටත් අත්අඩංගුවට ගෙන නෑ. මෙම පහරදුන් සිසුවාගේ අඬන්තේට්ටම් නිසා ළමුන් කිහිපදෙනකු පාසල් එන්නේත් නෑ.”
මේ සම්බන්ධව වැලිකන්ද මහා විද්‍යාලයේ ගුරුවරයකුගෙන් විමසීමේදී පැවසුවේ, “සිද්ධියට සම්බන්ධ දරුවාගේ පංති තහනම් කර ඇති අතර පොලිස් වාර්තා අනුව ඉදිරි කටයුතු කරන බවයි. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.