ඔන්ලයින් ටීචට හිත ගිය ශිෂ්‍ය හිමිනම ටීචගේ යැයි අසභ්‍ය ඡායාරූප වට්ස්ඇප් දමා සිදුවූ දේ ..
අන්තර්ජාලයෙන් පන්ති පැවැත්වූ තම ගුරුවරියගේ හිසට වෙනත් අසභ්‍ය ඡායාරූපයක් එක්කර වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අඹිලිපිටිය ප්‍රදේශයේ සාමනේර හිමිනමක රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (18) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණු ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක දාහත් හැවිරිදි සාමනේර හිමිනමකි.
මෙම සැකකාර බාලවයස්කාර සාමනේර හිමිනම අන්තර්ජාලයෙන් අමතර පන්ති මෙහෙයවන ලද ගුරුවරියක කෙරේ හිත බැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිමිනම ඇයට ඒ බව ‘වට්ස්ඇප් සමූහයට‘ දැනුම් දී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් එම වින්දිත ගුරුවරිය කරන ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් සිදුකිරීමෙන් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |