දැරියකට අමුතු පාඩමක් කියා දුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට

Sri Lanka Police Child Abuse School Children Teachers
By Wayomi Oct 25, 2024 12:46 PM GMT
Wayomi

Wayomi

Report

උපකාරක පන්තියට පැමිණි 14 හැවිරිදි දැරියක මාස කිහිපයක සිට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව රණවරණාව ඔයගාව කණිටු විදුහලේ ගුරුවරයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගැනුනා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණවරණාව, ඔයගාව, කණිටු විදුහලේ ගුරුවෙරයෙකු ලෙස සේවය කරනු ලබන ලුණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩා ගම්මාන 05 පදිංචි 43 හැවිරිදි අයෙක්.

මෙම ගුරුවරයා විසින් පවත්වාගෙන ගිය උපකාරක පන්තියකට පැමිණි වයස අවුරුදු 14ක් වයසැති බාලවයස්කාර දැරියක මෙලෙස මාස කිහිපයක සිට අපයෝජනය කර ඇති බව සඳහන්.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන විශේෂ නිවේදනයක්.

ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන විශේෂ නිවේදනයක්.