ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන විශේෂ නිවේදනයක්.

Bandaranaike International Airport Sri Lanka Airport
By Wayomi Oct 25, 2024 12:43 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය නිකුත් කරමින් පවසනවා.

ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ ඔක්තෝබර් 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන සම්බන්ධයෙනි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු එම ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂාකාරීව එම යානා වල සිටි මගීන් ව සහ කාර්ය මණ්ඩල ඉවත්කර එම යානා පරීක්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

දඹුල්ල නගරයේත් ආරක්ෂාව තර කෙරේ.

දඹුල්ල නගරයේත් ආරක්ෂාව තර කෙරේ.

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

එමගින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් කනගාටුවට පත්වන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන අතර ඉන්දීය ගුවන්යානා විශාල ගණනකට පසුගිය දින කිහිපය තුළ ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී ඇත. ඒ හේතුවෙන් දැඩි ආරක්ෂක පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේ තුළදී පමණක් ඉන්දීය ගුවන් යානා සඳහා බෝම්බ ඇති බවට ව්‍යාජ දැනුම්දීම් 80ක් පමණ ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාජ තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ ලබාදෙන පුද්ගලයින්ගේ තොරතුරු ඉල්ලා මෙටා සහ X සමාගම්වලට දැනුම්දීමට ද ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.