ඉරානයට ප්‍රහාරයක් 71ක් මරුට

Report

ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට පසුගිය 23 වනදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය අද (29) පවසා ඇත.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

ප්‍රහාරයෙන් පරිපාලන කාර්ය මණ්ඩලය, හමුදා සේවයේ නියුතු පිරිසක්, රැඳවියන්, රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් සහ බන්ධනාගාරය අවට ජීවත් වූ අසල්වැසියන් ඇතුළු 71 දෙනෙකු මෙලෙස මියගොස් තිබේ.

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

ප්‍රහාරයෙන් එවින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදු වී ඇති අතර මියගිය පිරිසකට අමතරව තවත් පිරිසක් තුවාල ලබා සිටින බව සඳහන් වේ.

මෙන්න රැකියා අවස්ථා - යුද්ධේ නිසා සුන්බුන් වුන ඊශ්‍රායලය යලි ගොඩනගන්න ශ්‍රමිකයන් ඕනේ

මෙන්න රැකියා අවස්ථා - යුද්ධේ නිසා සුන්බුන් වුන ඊශ්‍රායලය යලි ගොඩනගන්න ශ්‍රමිකයන් ඕනේ

එවින් බන්ධනාගාරයේ වසර තුනක් රඳවා සිට සිටින ප්‍රංශ පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් ගණනාවක් සිටින බව ද වාර්තා වේ.

ඉරානය සමඟ පැවති යුද්ධයක් අවසානයේ, ඊශ්‍රායලය ටෙහෙරානයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ වඩාත්ම කුප්‍රකට බන්ධනාගාරයට පහර දුන්නේ, ඉරානයේ පාලන පද්ධතියේ සංකේත ඉලක්ක කර ගනිමින් හමුදා සහ න්‍යෂ්ටික ස්ථානවලින් ඔබ්බට තම ඉලක්ක පුළුල් කරමින් සිටින බව පෙන්නුම් කරමිනි.