අධික ලෙස ඉහල ගිය ටයර් මිල එකවරම අඩු කිරීමට තීරණයක්..

Sri Lanka Businessman
By Aruna Mar 28, 2023 11:49 PM GMT
Aruna

Aruna

Report

ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය පවසනවා.

අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කිරීම සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් කළ හැකි බව කී එම සංගමයේ සභාපති සුනිල ෆොන්සේකා මහතා ඊට හේතුව වන්නේ පැරණි තොග වෙළෙඳුන් සතුව පැවතිම බව කීය.

කෙසේවෙතත් මෙරට තවමත් ටයර් සඳහා පවතින්නේ ඉහළ මිලක්.

මෙලෙස ඉහළ මිලක් පැවතීම ජනතාවට දරාගැනීම ඉතාමත් අපහසු බවත් ඒ හේතුවෙන් ටයර් මිල ඉදිරියේදී පහළ ගියහොත් එය පාරිභෝගික ජනතාවට ඉතාමත් අස්වැසිල්ලක් වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now