පිළිකා රෝගී පුතා බේරගන්න වෙහෙසෙන වකුගඩු රෝගී අම්මා

Cancer Kidney Disease Sinhala news
By Mithu May 12, 2025 06:21 PM GMT
Mithu

Mithu

Report

දරුවන් වදා කුණු කූඩෙටට දමා යන කලක උතුම් මවක් ගැන කියන්න යන කතාවයි මේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, පඩිකාරමඩුව ගම්මානයේ පදිංචිව සිටින ආදරණීය මව ඩබ්ලිව් .එන් . සුමනාවතී හැට නව හැවිරිදි පසුවන මෙම අම්මා දරුණු වකුගඩු රෝගියකින් පෙලෙන්නිය.

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

ප්‍රභාත් මධුසංක හතුරුසිංහ 37 හැවිරිදි ඇයගේ පුතාද දරුණු පිළිකා රෝගයකින් හා සිරුගේ හටගන්නා ගෙඩි පිපිරී විරූපී වන රෝගයක් වැළදී ඇත.මෙමෙ පුතාගේ සියලු ඔනෑ එපා කම් සිදු කිරීමට පැවරී ඇත්තේ මෙම මවටය. අනුරාධපුර රෝහලේ දොස්තර වරුන්ගේ උපදෙස් පරිදි මෙම රෝගී පුතා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට රැගෙන යා යුතු බවයි වෛද්‍ය නිර්දේශය වී ඇත.

එහෙත් මේ අම්මාට බස් රථයක තම පුතා රැගෙන යෑමට නොහැකි වී ඇත්තේ ඔහුගේ ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ ඇති බරපතල තුවාල හේතුවෙන් ඒවා ගඳ වහනය වීම සැරව ගැලීම නිසා පොදු වාහනයක අරගෙන යාමට නොහැකිවීමය.

උදෑසන අවදිවන මේ අම්මා දවස පුරාම පුතුගේ දුගද හමන තුවාල සුව කිරීම සදහා වෙහෙසෙන අතර ආහාර පිස පොල් සමග හරි බත් කටක් පුතුට කවා පොවා රෙදි සෝදා සියලු අවශ්‍යතා ඉටු කරනු ලබයි.

මෙවැනි අපහසුතාවයෙන් ජීවත්වෙන දිරිය මාතාවන් පිළිබඳ රජයෙන් අවධානය යොමු විය යුතු බව අපේ මතයයි.

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

ReeCha