කල් දැමුණු IPL නැවත ඇරඹෙයි...
TATA IPL
IPL 2025
Sinhala news
By Hashini
ඉන්දියාව හා පකිස්තානය අතර පවතින යුධ ගැටුම් තත්ත්වය හේතුවෙන් පසුගියදා IPL තරඟ සියල්ලම කල් දැමීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබුවා.
එලෙස කල් දමනු ලැබූ IPL ක්රිකට් තරඟාවලිය නැවත පැවැත්වීමට තීරණය කර ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
එම තරඟ සියල්ල මැයි මස 17 වනදා සිට ආරම්භ කෙරෙනු ඇති.
එහි අවසන් මහා තරඟය ජුනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.
