වෙසක් පොහොය නිමිත්තෙන් දළඳා මාලිගාවට විශාල පිරිසක්

Vesak Full Moon Poya Sinhala news Temple of tooth
By Mithu May 12, 2025 03:03 PM GMT
Mithu

Mithu

Report

නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටියි. තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනු වස් ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල කේන්ද්‍ර තොට දාන ශීල භාවනාදී පුණ්‍ය කර්ම අද දිනය පුරා පැවැත්වේ.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි. සිරි දළදා වරුණ වෙසක් පෝය දින සීල වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික මඟුල් මඩුවේදී තේවාවභාර නායක හිමියන් වන අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික පූජ්‍ය උරලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන්ගේ මෙහෙයවීමෙනි.

වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් මහනුවර තපෝවන විහාරය, බහිරවක්න්ද ශ්‍රී මහ බෝධි විහාරය, ගැටඹේ රාජෝපවනාරාමය ඇතුලු සියලුව විහාරස්ථානවල ආගමික වැඩසටහන් ක්‍රියාත්මකය.

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

ReeCha