භාණ්ඩ මිල යලිත් වැඩි වෙයි..? මෙරට බදු ගැන ලැබුණු අලුත්ම ආරංචිය..

Income Tax Department Latest Headlines Value Added Tax​ (VAT) Income Tax Return
By Sewvandhi Sep 12, 2024 03:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අද (12) පස්වරුවේ නිකුත්කළ නිවේදනයකින් ඒ බව දැක්වෙයි.

එහි දැක්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ,මෙම ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා රුපියල් මිලියන 1,229,245ක බදු ආදායමක් රැස්කර ඇත.

කෙසේ නමුත් මෙම කාලසීමාව ඉකුත් වසරේදී රැස්කිරීමට හැකිව ඇත්තේ රුපියල් මිලියන 956,418කි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ඔට්ටු සහ සූදු බද්ද, කොටස් ගනුදෙනු බද්ද හා වෙනත් බදු වර්ග යන බදු වර්ග කිහිපයක් යටතේ මෙම බදු මුදල් එක්රැස් කර ඇත.

ඡන්දෙ දවසෙ මේ වැඩ බෑ - වහාම තහනම් කරයි..!

ඡන්දෙ දවසෙ මේ වැඩ බෑ - වහාම තහනම් කරයි..!