හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ඝාතන චෝදනාවක් ලැබූවන් ඇතුළු දමිළ සිරකරුවන් අටකට ජනපති සමාව..!

Alliance for Progress and Renewal Chandrika Kumaratunga Ranil Wickremesinghe Sri Lanka Prisons in Sri Lanka
By Sewvandhi Oct 24, 2022 01:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති සමාව යටතේ දමිල සිරකරුවන් 08 දෙනෙකු අද (24) නිදහස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම සිරකරුවන් අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ සිරකරුවන් තිදෙනෙකු දසිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ සාකච්ඡා සිදුකර එකඟතාවය සහිතව මෙලෙස නිදහස ලබාදීමට අවශ්‍ය මූලික පසුබිම සකස්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ දමිල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගත් බවය.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha