ශරීරයේ Tattoo තියෙන තරුණ තරුණියක්ද ? මෙන්න ඔබට අහිමි වන දේ ගැන නිවේදනයක් !

By Gagana News Mar 01, 2025 01:50 PM GMT
Report

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයැදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙය ක්‍රියාත්මකයි.

වයස අවුරුදු 18-35 අතර, තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, අවම වැටුප ලෙස රු.400,000 කට අධික මුදලක් උපයාගත හැකි බව කාර්යංශය පවසනවා.

ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති විශේෂත්වයකි. මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකි වනවා.

මෝටර් රියක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

මෝටර් රියක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි. රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශ වෙබ් අඩවියේ ඇති වෙබ් ද්වාරය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබෙනවා.

සඳුදා සිට රටේ ඇති වන අර්බුදයක් ගැන ඉඟියක්... ජනපති මැදිහත් වෙන්න

සඳුදා සිට රටේ ඇති වන අර්බුදයක් ගැන ඉඟියක්... ජනපති මැදිහත් වෙන්න

රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී හෙට (2) ජපානය බලායාමට නියමිත රැකියාලාභීන් පිරිසක් සඳහා ගුවන්ටිකට්පත් ලබාදීම කාර්යාංශයේදී සිදු කෙරුනා.