ටොනික් මුඩියෙන් මතුවුණු අමුතු දේ

Sri Lanka Police Sri Lanka Drugs
By Zara Mar 01, 2025 06:26 PM GMT
Zara

Zara

Report

පැණි බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙව් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු මත්කුඩු තොගයක් ද සමඟ අද(01) සවස මරදන්කඩවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මරදන්කඩවල නගරයේදී සිදු කළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, සැකකරු සන්තකයේ තිබී තැන තැන සඟවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් 104ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ සඟවා ගෙන සිටියදී මෙලෙස සොයා ගනු ලැබූ මත්කුඩු තොගය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් පමණ වන බව පොලිසිය සඳහන් කළේ.

සැකකරු මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර මොහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.  

උණුසුම් ලෙස පිළිගෙන ට්‍රම්ප් සෙලෙන්ස්කිගේ කනටම ගහයි! ලොවක් බලා සිටි ධවල මන්දිරයේ උණුසුම් ගැටුම

උණුසුම් ලෙස පිළිගෙන ට්‍රම්ප් සෙලෙන්ස්කිගේ කනටම ගහයි! ලොවක් බලා සිටි ධවල මන්දිරයේ උණුසුම් ගැටුම

ජනපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ විකිණේ

ජනපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ විකිණේ

ReeCha