ලෝක කුසලානයේ ඉරණම තීරණය කරන තීරණාත්මක තරඟ 02ක් අද..පැරදුනොත් වෙනදේ..

Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

මෙම කන්ඩායම් දෙකම තමන් සහභාගීවූ තරඟ 03 න් 02 ක බැඟින් ජයගෙන ප්‍රසාද ලකුණු 04 බැඟින් රැස්කරගෙන සිටිනවා.

එහෙත් දළ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.

ඒ අනුව මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගැනීමට හැකි වනවා.

දෙවන කාණ්ඩයේ තවත් තරඟයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතරයි.

තරඟ 03 කට සහභාගීවී ප්‍රසාද ලකුණු 03 ක් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවනවා.

මෙම තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now