අධිවේගී කොරෝනා පොකුරක් හමුවෙයි.

Corona Kottawa Athurugiriya Suthern highway Kaduwela
By Aruna May 04, 2021 07:02 AM GMT
Aruna

Aruna

Report

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කොට්ටාව හා අතුරුගිරිය අන්තර් හුමාරු මධ්‍යස්ථානයන්හි සේවය කරන 17 දෙනෙක්ට කොරෝනා වෛරසය අසාදන වී තිබේ.

ඒ හේතුවෙනි ම ස්ථානයන්හි කටයුතු අඩපණ වීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේ දැඩි දුෂ්කරතාවට පත්ව තිබිණි.

මෙම තත්ත්වය මත මාතර දෙස සිට පැමිණි වාහන වලට කහතුඩුව පිවිසුමෙන් ප්‍රවේශපත්‍ර වලට මුදල් ගෙවා පිටවීමට සිදුවීමෙන් දැඩි තදබදයක් ඇති වී තිබිණි.

ආසාදිත සේවකයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තිබේ.

මෙම කොරෝනා අවදානම් තත්ත්වය මත අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය අඩු වීමක් දක්නට ලැබුණු බවද එහි නිලධාරීහු කියා සිටිති.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx