ත්‍රීරෝද රථයක් කොල්ලකා පලා ගිය සැකකරුවන් පොලිසියට මාට්ටු වෙයි(VIDEO)
Police
Sri Lanka
Kirulapana
By Aruna
කිරුළපන බළපොකුණ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ, ත්‍රීරෝද රථයක් පුද්ගලයින් තිදෙනකු විසින් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් මෙලෙස කොල්ලකා පලා යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් කර තිබුණේ මෙසේයි.
පසුව සිදුකළ විමර්ශනයේදී හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක තිබී සොරාගත් ත්‍රීරෝද රථය සහ සොරකමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සොරකමට සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගැණුනා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
