ව්‍යාජ ආයතන හරහා ඩොලර් මිලියන 25ක් පිටරට යැවූ ජාවාරමේ සැකකරුවෙකු අත්අඩංගුවට

Report

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ආයතන 6ක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් විදේශ ගිණුම් වෙත බැර කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. 2024 සහ 2025 කාලසීමාව තුළ වාණිජ බැංකු හරහා ටී.ටී. (TT) ක්‍රමවේදය ඔස්සේ විදේශීය සමාගම් වෙතින් භාණ්ඩ ඇණවුම් කරන බව පවසමින් මෙම ජාවාරම සිදුකර ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

කෙසේ වෙතත්, අදාළ ගනුදෙනුවලට සමගාමීව කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි

තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි