මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
පනාගොඩ ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකට අදාළව අතුරුගිරිය පොලීසිය විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.