4672 කට පත්වීම් - රාජ්‍ය සේවයේ පුරප්පාඩු රැසක්.. ඒ වෙනුවෙන් කරන්න යන දේ ගැන ඇමති කියයි..

A D Susil Premajayantha Sri Lanka Politician Sri Lanka
By krishani Nov 07, 2023 01:07 AM GMT
krishani

krishani

Report

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ලම 2024 වර්ෂය වන විට සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය අඛණ්ඩව සහ ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ ය.

මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින අතර භාණ්ඩාගාරයෙන් එයින් 50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට දැනට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවත් ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200 ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් වේ.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විට අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත් ඉදිරියේ දී නිලධාරීන් 707 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ReeCha