දීමනාවක් ඉහළ දැමීමට තීරණයක්.
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka Politician
Sri Lanka
Education
By krishani
සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දෛනික දීමනාව ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මේ වන විට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු කඩිනමින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේ ය.
ප්‍රදේශ කිහිපයක විභාග මධ්‍යස්ථාන අසළ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතුවල නිරත වූ ගුරුවරුන් පිරිසක් විරෝධතාවයක නිරත විය.
ඒ මේ වන විට ලබාදෙන රුපියල් 1,450ක දෛනික දීමනාව ප්‍රමාණවත් නොමැති බව පවසමින් ය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ගුරු සංගම් කරන ලද ඉල්ලීම් සලකා බලා උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
