Online පනත් කෙටුම්පත අද කරයිද? - ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි. - (VIDEO)
අභියෝගයට ලක්කරන ලද Online ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
ඒ, අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
අදාල ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයේ දැක්වෙන පරිදි, වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කිරීමේ හැකියාවද පවතිනවා.
කෙසේ වෙත්ත ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
මේ අතර ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින් එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද දැනුම් දී ඇත.
