අල්ලස් කොමිසමට අපහාස කළ අයට වැඩ වරදී

Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 06, 2025 03:33 PM GMT
Shehan

Shehan

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව, නව දූෂණ විරෝධී පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව එම කොමිසම පවසයි.

කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශන මේ වන විට කඩිනම් කර ඇති බවයි.

එක්සත් රාජධානි යන්න ඉන්න සිසුන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්

එක්සත් රාජධානි යන්න ඉන්න සිසුන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්

මෙම විමර්ශන කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතරතුර, ඇතැම් දේශපාලනඥයන් ඇතුළු පිරිස්, මෙම විමර්ශන 'දේශපාලන පළිගැනීම්' ලෙස හඳුන්වමින් ප්‍රකාශ නිකුත් කරන බවත්, එය ස්වාධීන කොමිසමකට සිදුකරන බරපතළ අපහාසයක් බවත් එම නිලධාරියා අවධාරණය කළේය.

එබැවින්, ඉදිරියේදී කොමිසමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකරන සියලු දෙනාට එරෙහිව, දූෂණ විරෝධී පනතේ 118 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

රාජකාරිය නිවැරදිව කරන නිලධාරීන්ට මම ඇත්තටම ගරු කරනවා - කෙහෙල්බද්දර පද්මේ

රාජකාරිය නිවැරදිව කරන නිලධාරීන්ට මම ඇත්තටම ගරු කරනවා - කෙහෙල්බද්දර පද්මේ

ReeCha