Housefull 5 රූගත කිරීම් අතරතුර සුපිරි නළු අක්ෂේ කුමාර් අනතුරට ලක්වෙයි.
By Wayomi
ඉන්දීය සුපිරි නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙනවා.
Housefull 5 චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති අතර එම අනතුරින් ඔහුගේ ඇසට තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෛද්‍යවරයෙකු වහාම එම ස්ථානයට පැමිණ ඇති අතර, ඇසට වෙළුම් පටියක් දමා ඔහුට විවේකයක් ගන්නා ලෙස දැනුම් දී ඇති අතර අනෙක් නළු නිළියන් සමඟ රූගත කිරීම් නැවත ආරම්භකර තිබෙනවා.
කෙසේ වෙතත් චිත්‍රපටයේ රූගතකිරීම් අවසාන අදියරේ පවතින හෙයින් හැකි විගසින් නැවතත් රූගත කිරීම් සඳහා සහභාගීවන බවයි අක්ෂේ කුමාර් පවසා ඇත්තේ.