පාසල් සිසුන්ට ලැබෙන දීමනාවක් ගැන සුබ ආරංචියක්. - පරිපූරක ඇස්තමේන්තු 2ක් පාර්ලිමේන්තුවට.
පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීමට සහ මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තු දෙකක් අනිද්දා (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අනතුරුව එදින පෙරවරු 10.30 සිට පස්වරු 02 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය ඊට පසුදින ද (18) පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ සතියේදී පාර්ලිමේන්තුව අනිද්දා සහ 18 වැනි දා බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කියා සිටියා.