තරුණයෙකුගෙන් සුනිල් හඳුන්නෙත්තිට අභියෝගයක්!!අවසානයේ සිදුවූ දේ(VIDEO)

Political Gossips Jvp Sunil hadunneththi Mulgampola
By Aruna Dec 19, 2021 08:27 AM GMT
Aruna

Aruna

Report

රට තුළ ඇති අර්බුද හමුවේ අනාගතයේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය වන රජයක් පැමිණියහොත් , වංචනිකයින්ට නිසි දඬුවම් ලැබෙන්නේ ද යන කාරණය විමසමින් තරුණයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අභියෝග කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

එහිදී එම තරුණයා විමසනුයේ, මෙතෙක් පැවති ආණ්ඩු විසින් වංචනිකයින් රඳවා ගනිමින්, ඔවුන්ට දඬුවම් ලබාදෙන බවට පැවසුව ද තවමත් එය සිදු නොවූවක් හෙයින්, ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුවහොත්, ඔවුන් ද පැවති ආණ්ඩු සේම බොරු බේගල් ඇඳ බාමින්, ජනතාව මුලා නොකරන බවට විශ්වාස නොකිරීමට ඇති හේතුව කුමක්ද යනුවෙනි.

ඊට ප්‍රති උත්තර ලබා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනුයේ, වරෙක එම දිස්ත්‍රික්කයෙහිම දේශපාලන කටයුතු සිදු කළ මුල්ගම්පොළ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඔහු යළි විදෙස්ගත වී සිට මෙරටට පැමිණෙන විට දී ම මන්ත්‍රී ධුරය අහෝසි කොට, ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු ලෙස මාවනැල්ල දිස්ත්‍රික්කයේ ලලිත් දිසානායක අදාළ ධුරය සඳහා පත් කළ බවයි.

පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ අදාළ ප්‍රශ්නය අභියෝගාත්මක ලෙසින් ඉදිරිපත් කළ තරුණයා සංවාදය අවසන් කර පිටව ගියේ, සුහද අයුරින් වීම ද විශේෂත්වයක්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now