නුගේගොඩ රැළියට සජබ ලිස්සන කතාව ඉස්ථීරයි වගේ
නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන විපක්ෂයේ ජන රැළිය සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.
එම ජන රැළිය සඳහා සහභාගී වන ලෙස ලැබී ඇති ඉල්ලීම් මෙන්ම ආරාධනාද තිබූ අතර, පක්ෂයේ පරිපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බොහෝ දුරට මෙම ජන රැළිය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වනු ඇති බවත් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගය මහ මැතිවරණයෙන් පසුව දේශපාලන තත්ත්වය තුළ තමන්ගේ තීරණ ගැනීමේදී විපක්ෂ සන්ධානයන් සමඟ සමීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම ප්‍රකාශය කළ බව දැනගන්නට ඇත.