ආයේ විශ්වවිද්‍යාලේ පත්වීම් ලැබෙන්නේ මෙහෙමයි - සංශෝධිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) දින සිය සහතිකය සටහන් කර ඇත.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව ඉකුත් ජනවාරි 23 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.
අඳාළ පනත් කෙටුම්පත, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් වන අතර මීට අදාළ ගැසට් නිවේදනය 2025 නොවැම්බර් 21 වන දින ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් 2025 දෙසැම්බර් 3 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අඳාළ සංශෝධන පනත මඟින් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබාදීම, පීඨාධිපතිවරයකුගේ ධූර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව පිඨාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදීම සහ පීඨාධිපතිවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම අරමුණු කර තිබෙනවා.
එමෙන්ම මෙමගින් අධ්‍යයන අංශයක ප්‍රධානියෙකු පත් කිරීමේදී කවුන්සිලය මඟින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සංශෝධනය කර නිශ්චිතව දක්වා තිබෙන අතර අධ්‍යයන අංශයක ප්‍රධානියකුගේ ධුර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව අධ්‍යයන අංශයක ප්‍රධානයකු ධුරයෙන් ඉවත් කිරීමට පාලක සභාවට හැකියාව ලබා දෙයි.
ඊට අමතරව අධ්‍යයන අංශයක ප්‍රධානියකුගේ ධුර කාලය සම්බන්ධයෙන් අදාළ වන සීමාවන් හඳුන්වා දී ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 2 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.