ඊලෝන් මස්ක් අනතුරේ - X කාර්යාලය වටලයි
By Ashfa
ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාවට අයත් ප්‍රංශයේ කාර්යාල කිහිපයක වැටලීමක් සිදුකර ඇත.
පැරිස් නගරයේ ඊයේ නඩු පවරණ ආයතනයේ අධීක්ෂණය මෙම වැටලීම සිදුකර ඇති අතර පැරිස් හි සයිබර් අපරාධ ඒකකය විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බවත් මෙම මෙහෙයුමට යුරෝපීය පොලිස් ආයතනය වන Europol ද සහාය ලබා දෙන බවත් වාර්තා වේ.
මහපාරේ දඩ ගැහුවොත් මෙහෙම කරන්න - එතනදීම රියදුරු බලපත්‍රය ලබාගන්න පුළුවන් - අවශ්‍යනම් පොලිසියෙන් සහය ගන්න
නීතිපති කාර්යාලය පවසන්නේ 2025 ජනවාරි මාසයේදී X වේදිකාවේ algorithm ක්‍රියාකාරිත්වය සහ එය පරිශීලකයන්ට නිර්දේශ කරන අන්තර්ගතය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ආරම්භ කරන ලද විමර්ශනයක් සමඟ මෙම වැටලීම සිදු වූ බවයි.
ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව X හි හිමිකරු ඊලෝන් මස්ක් සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය වූ ලින්ඩා යාක්කරිනෝ (Linda Yaccarino) අප්‍රේල් මාසයේදී නඩු විභාග සඳහා කැඳවා ඇති බවද වාර්තා වේ.