සෙබලෙක් කදවුර තුළ ගිනි තබාගෙන මිය යයි

Death army suiside Sri lana uru bokka
By Sithumi Jul 22, 2021 03:35 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු අද (22) උදෑසන සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසයි.

මෙලෙස සියදිවි හානි කොට ගෙන ඇත්තේ නාවට්කුලි යුද හමුදා කඳවුරේ 12 වන ගැමුනු හේවා බලකායට අනුයුක්ත කොට සිටි සෙබලෙකු වන බවටද යුදහමුදා පොලීසිය දැනුම් දී ඇත.

මිය ගිය යුද හමුදා සෙබලා මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ මුර සේවය සඳහා ගොස් අද අලුයම් කාලයේදී මුරකුටියේදී සිය රාජකාරී ගිනිඅවියෙන්ම වෙඩිතබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත. 

 මිය ගිය යුද හමුදා සෙබලා වෙඩිතබාගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් විය හැකි බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය සහ යුදහමුදා පොලීසිය වැඩි දුරටත් පැවසීය.

ReeCha