සිය පියා සෙවාග්ගේ සුපිරි පහරවල් ගහන පුත් ආර්යවීර් - දිල්ලි පිටිය කළඹයි
ඉන්දීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග්ගේ සුපිරි පිතිකරණ රටාව යළිත් දැකගැනීමට ඔහුගේ පුත් ආර්යවීර් සෙවාග් හරහා අවස්ථාව උදා වී තිබේ.
මේ වනවිට දිල්ලි ප්‍රිමියර් ලීග් (DPL) තරගාවලියේ වෙස්ට් දිල්ලි ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන ආර්යවීර්, සිය පියාගේ සුප්‍රසිද්ධ පහර කිහිපයක්ම එල්ල කරමින් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගෙන ඇත.
විශේෂයෙන්ම සෙවාග්ගේ අනන්‍යතාවක් බවට පත්ව තිබූ Square Drive සහ Cover Drive පහරවල් ආර්යවීර් විසින්ද එලෙසින්ම එල්ල කිරීම කැපී පෙනුණි. මේ හේතුවෙන් පියා සහ පුත්‍රයාගේ පිතිකරණ තාක්ෂණයේ සමානකම් දැක්වෙන සංසන්දනාත්මක වීඩියෝවක්ද DPL විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.
විරේන්ද්‍ර සෙවාග් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති නමුත්, ඔහුගේ ක්‍රිකට් උරුමය දැන් පුත් ආර්යවීර් හරහා ඉදිරියට යන බවක් දැකගත හැකිය. සෙවාග් 1999 වසරේදී පාකිස්තානයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් අතර, පසුව ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 374කට ක්‍රීඩා කරමින් ලකුණු 17,253ක් රැස් කළේය.
එම ලකුණු අතරට අර්ධ ශතක 72ක් සහ ශතක 38ක් ඇතුළත් වේ. ඔහුගේ නිර්භීත පිතිකරණ රටාව සහ වේගවත් පහර එල්ල කිරීම ඔහුගේ ක්‍රිකට් දිවියේ විශේෂත්වයක් විය.