අධිවේගයේ අනතුරු අවම කර ගැනීමට යෝජනා

Sri Lanka Accident Highways In Sri Lanka
By Akash Apr 04, 2025 11:45 AM GMT
Akash

Akash

Report

අධිවේගී මාර්ගයේ සිදු වන රථවාහන අනතුරු අවම කතර ගැනීමට සෞඛ්‍ය අංශ විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැලක්වීම හා නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ සමිත් සිරිතුංග මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ග අනතුරු පිලිබඳ තාක්ෂණික කමිටුවට අදාල යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයකි. එම දුර ප්‍රමාණය සඳහා පවතින්නේ එකම සැපයුම් මධ්‍යස්ථානයක් වන අතර මෙම තත්ත්වය තුළ රියදුරන් අධික වෙහෙසට පත් වුවහොත් විවේක ගැනීම සඳහා ගැටලු මතුවන බව යි.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

අධිවේගී මාර්ගයක ගමන් කිරීමේදී රථවාහනවල ගැටලු පමණක්ම නොව පුද්ගල ගැටලු මෙන්ම රියදුරන්ගේ ගැටලු ද පවතින අතර මෙම කාරණා ද රිය අනතුරු සිදුවීමට බලපා තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ නිදිමත, වෙහෙසකර බව මෙන්ම මාර්ගයේ පවතින මීදුම් සහිත තත්ත්වය සහ වෙනත් බාහිර කරුණු ද රියදුරන් මුහුණපාන තවත් අපහසුතා බවයි.

මෙකී තත්ත්වයන්ට මුහුණපාන රියදුරන්ට විවේකගැනීම සඳහා ස්ථානයක් නොමැතිවීම බරපතළ කාරණයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අවම වශයෙන් කිලෝමීටර් 50කට හෝ එක් නවාතැන්පොළක් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය කෙරේ

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය කෙරේ

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍යවරයා පැවසුවේ අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවලද රජයෙන් නඩත්තු කරනු ලබන මෙවන් ස්ථාන ස්ථාපිත කර තිබීම වැදගත් බවයි.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් යතුරුපැදි හෝ මාර්ග නඩත්තු වාහන නතර කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර ඒවායේ මගී ප්‍රවාහන බස් රථ හෝ පෞද්ගලික වාහන නැවැත්වීමේ හැකියාවක් නොමැති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. 

ReeCha