පාලන මිලට වඩා සීනි අලෙවි කරන්න බැහැ .පාරිභෝගික අධිකාරීය ක්‍රියාත්මක විය යුතුයි....

Ranjith Siyambalapitiya Sri Lanka Ministry of Finance Sri Lanka
By Hashini Nov 07, 2023 03:33 AM GMT
Hashini

Hashini

Report

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත්, එම මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම පාරිභෝගික සේවා අධිකාරීය විසින් සිදු කළ යුතු බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය ආදායම් අවශ්‍යතාවය අනුව සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද‍ක් පසුගියදා පනවනු ලැබුවා.

එහෙත් රටේ තිබෙන සීනි තොග වල මිල ඉහළ යෑම වැලැක්වීම සඳහා සීනි වලට උපරිම සිල්ලර මිලක් නියම කළ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙවර පැකට් කළ සීනි සඳහාද එම උපරිම සිල්ලර බලපැවැත්වෙන බවත්, කිසිවෙකුටත් අයුතු ලාභයක් ලැබීමට ඉඩ ලබා නොදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. 

ReeCha