ගෝලීය ආර්ථිකය මත බොරතෙල් මිලෙහි හදිසි වෙනසක්.
By Hashini
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (07) කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කර තිබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2යි ශත 30කින් පමණ පහත වැටී තිබෙනවා.
එහි අගය සටහන් වුයේ ඩොලර් 82යි ශත 88ක් ලෙයි.
එම අගය පසුගිය ජුලි අවසන් සතියෙන් පසු වාර්තා වූ පහළම අගය වනවා.
මේ අතර ඔපෙක් සංවිධානයේ මහා ලේකම් හයිතම් අල් ගයිස් පවසන්නේ ගෝලීය ආර්ථික තත්ත්වයේ බලපෑම් පිලිබඳ නොසිතා අඛණ්ඩව තෙල් ඉල්ලුම සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.
සෞදි අරාබිය සහ රුසියාව මේ වනවිටත් ඔවුන්ගේ ඉන්ධන නිෂ්පාදන සහ අපනයන කප්පාදුව මේ වසර අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව ද සඳහන්.