පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සජිත් ලඟට යයි..

Report

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

බදු ගෙවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

බදු ගෙවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.

විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියේ, අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්න තමා මෙන්ම තමාගේ කණ්ඩායම සුදානම් බවයි.

හම්බන්තොට සංවර්ධනයෙන් බබලන තත්ත්වයට පත්කරන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම මගේ කණ්ඩායම තුළ සිටිනවානම් මැති ඇමැතිකම් වැනි තනතුරු කියන්නේ රෝස මල් යහනා බව කවුරුන් හෝ සිතා සිටින්නේනම්, ඒ අයට දැන්මම කියන්නේ ඒ දේ හිතින් අත්හැර ගන්න කියා විපක්ෂයනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණයෙන් කියා සිටියේ ය.

අද ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන වෙලාව සහ ප්‍රදේශ සියල්ල මෙන්න..

අද ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන වෙලාව සහ ප්‍රදේශ සියල්ල මෙන්න..


නායකයා වැඩ කරන ආකාරයට අන් අය ද මහන්සි වෙලා වැඩ කරන ලෙසයි ඔහු පවසා සිටියේ.

සිය කණ්ඩායමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය පාලනය කියන්නේම දුෂ්කර වැඩක් බවත් අලසකමින් කම්මැලිභාවයෙන් තොරව වැඩ කරන්න සුදානම් වන ලෙසයි.