සිසුසැරියට නවමු වෙනසක් සමග ඩිජිටල් ගෙවිම් යාපනයෙන් අරඹයි.

Report

යාපනය දිස්ත්‍රික්කයේ "සිසුසැරිය" පාසල් ප්‍රවාහන සේවයට අයත් බස් රථ දෙකක ඩිජිටල් ගෙවීම් පද්ධතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස අද (01) සිට ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව උසන් සිට යාපනය දක්වා සහ උසන් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වන "සිසුසැරිය" බස් රථවල ගමන් ගාස්තු සිසුන්ට ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීමේ පහසුකම ලබාදී ඇත. "සිසුසැරිය" සේවාව යටතේ පාසල් සිසුන් සාමාන්‍ය බස් ගාස්තුවෙන් සියයට 50ක පමණ මුදලක් පමණක් ගෙවන අතර, ඉතිරි මුදල රජය විසින් දරනු ලබයි.

ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට උසස් කරයි

ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට උසස් කරයි

මෙම වැඩසටහන පාසල් සිසුන්ට ආරක්ෂිත හා සහනදායී ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගත් ජාතික වැඩසටහනකි.

නව ඩිජිටල් පද්ධතියේ විශේෂත්වය වන්නේ, සිසුවෙකු බස් රථයට ගොඩවන අවස්ථාවේදී සහ බස් රථයෙන් බැස යන අවස්ථාවේදී දෙමාපියන්ගේ ජංගම දුරකථනයට ස්වයංක්‍රීය කෙටි පණිවිඩ (SMS) යොමු වීමයි.

ඒ හරහා දරුවන්ගේ පාසල් ගමන් පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා ගැනීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි විශ්වාසයක් දෙමාපියන්ට ලබා දීමටත් මෙම පද්ධතිය උපකාරී වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට