ටියුෂන් පන්තියේ පොත පාසල් ගුරුවරයාට පෙන්නුවාට මුහුණ රතු වෙන්නම ගහලා
ගිනිග්තහේන ජාතික පාසලේ 13 වසරේ තාකෂණ අංශයේ ඉගෙනුම ලබන භවන්ත ජනිත් පවිත්‍රආරච්චි සිසුවාට විෂයභාර ගුරුවරයා අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රක් මහ රෝහලට ඇතුළත් කල පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එම සිසුවා කියා සිටියේ මාස දෙකක පමණ කාලයක් තමන් පාසලට නොපැමිණි බවත්, එම මාස දෙක තුල විෂය භාහිර පන්තිවලට ගිය බවත්, ඉකුත් 23 දින තමන් පාසලට ගිය අවස්ථාවේ විෂයභාර ගුරුවරයා තමන් වෙත පැමිණ සටහන් පොත් ඉල්ලූ අවස්ථාවේ තමන් භාහිර පන්තිවලට සහභාගි වූ සටහන් පෙන්වූ අවස්ථාවේ සටහන් පොත වීසි කර දමා ගුරුවරයා අතින් තමන්ගේ මුණට පහරවල් කිහිපයක් පහර දුන් බවයි.
පසුව තමන් ගිනිගත්හේන පොලිසිට පැමිණිල්ලක් කර රෝහල් ගත වීමට පැමිණි අවස්ථාවේ එම පාසලේම වෙනත් ගුරුවරු තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගිනිගත්හේන පොලිසිය අසළට පැමිණ තමන්ව බලෙන් ත්‍රීරෝද රථයෙ නංවාගෙන පාසලට රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසට එම ගුරුවරු තමන්ට බලපෑම් සිදු කල බවද එම සිසුවා තවදුරටත් පැවසුවා.
සිසුවා පවසන්නේ තමන්ට දැනට ශ්‍රවණ ආබාධයක් පවතින බවත්ය.
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මාස කිහිපයක් පාසලට නොපැමිණිම හේතුවෙන් එම සිසුවාගෙන් විමසා ගුරුවරයා එම සිසුවාට ඇතුලු තවත් සිසුන් කිහිප දෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි.
රෝහල්ගතව සිටින සිසුවා විසින් තමන් පහර දුන් බව පවමින් ඔහුගේ මුහුණු පොතේ බොරු සටහනක් තබා ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එම ප්‍රකාශය තම පොලිසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුව් කරුණු වාර්ථා කරනු ලබන බවයි වාර්තා වන්නේ.
