සුළඟේ වේගය 60 සීමාවට - ලංකාව වටා මුහුදු තීර කිහිපයකට පැය 24ක දැඩි අවවාදයක්!
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (11) පෙරවරු 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නිවේදනයට අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටී.