ගොවි ජනතාවට සුභ ආරංචියක් - සඳුදා සිට රජයෙන් වී මිලදී ගැනීම් ඇරඹේ -නාඩු, සම්බා සහ කීරි සම්බා මිල ගණන් මෙන්න

Report

 වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කර තිබේ .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බවයි

එතුමා සදහන් කළේ උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදුකරන බවයි

LED බල්බ් පාවිච්චි කරන හැමෝටම හදිසි දැනුම්දීමක් - ප්‍රමිතිය නැති බල්බ් විකුණන අයට වැඩ වරදී

LED බල්බ් පාවිච්චි කරන හැමෝටම හදිසි දැනුම්දීමක් - ප්‍රමිතිය නැති බල්බ් විකුණන අයට වැඩ වරදී

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝ එකක් රුපියල් 130, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 140ක් වැනි මිලකට බවත් පැවසූ ඒ මහතා වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා අත්පත් කර ගැනීම් සිදුකර ඇති බවත් මෙහිදී පැවසීය.

එතුමා සදහන් කළේ ඒ අනුව ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම් මේ වන විට සැලසුම් කර ඇති බවත් යම් හෙයකින් ගබඩා සම්පූර්ණයෙන් පිරුණහොත් අසල පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා ලබා ගැනීම පිළිබඳවද මේ වන විට සාකච්ඡා කර ඇති බවයි.

තවද රජ්‍ය මගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති බවත් ඊට අමතරව ඔඩපන ණය යටතේ රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇති බවත් පැවසූ ඒ මහතා ප්‍රකාශ කර තිබේ

මේ මගින් කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට වී තොග රැස් කරගැනීම සඳහා පහසුකම් සලසා දී ඇතැයිද මෙම කාර්ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන බවයි.

මුළු රටක් හැඬවූ අතිශය කණගාටුදායක පුවතක්- ‘කැන්ඩි ළමිස්සි’ මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී

මුළු රටක් හැඬවූ අතිශය කණගාටුදායක පුවතක්- ‘කැන්ඩි ළමිස්සි’ මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා එහිදී වී මිලදී ගැනීම් සහ ඔඩපන ණය යෝජනා ක්‍රමය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වමින් සදහන් කළේ  

"මෙවර ඔඩපන ණය සුදුසුකම් තිබෙන සමූපකාරවලටත් ලබා දෙන්න සූදානම් කරලා තිබෙනවා. එහිදී අපි ඇත්තටම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ ආරක්ෂණ තොගය. වී අලෙවි මණ්ඩලය හැම වෙලාවෙම ප්‍රමිතිගත වී තමා තියගාන්නේ. මොකද අපිට මේක ආරක්ෂණ තොගයක් හැටියට යම් කාලයක් තියාගන්න සිද්ධ වෙන නිසා. ඒකෙදි අපි කියනවා 14%ක තෙතමනයත්, 9%කට වඩා අඩු බොල් ප්‍රතිශතයකුත් තියෙන්න ඕනේ. ඒක අපි මැනලා තමයි ගන්නේ. ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ කන්නයේ වී තමා අපි මිලදී ගන්නේ. ඒක තමා අපේ වැඩසටහන"