නව නාවික හමුදාපති ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ධුරයට පත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නාවික හමුදාපතිවරයා නව ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කෙරුණු ප්‍රථම නිල හමුව මෙය වන අතර, එහිදී සම්ප්‍රදායන්ට අනුකූලව ජනාධිපතිවරයා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබ පැතුම් පිරිනමනු ලැබීය.
මෙම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාපති ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.