බස්නාහිර ඩෙංගු අවදානම ඉහළට – රෝගීන් 35,000ට ආසන්නයි

Report

බස්නාහිර පළාත තුළ මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකයේ දත්ත අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064ක් වන අතර, ඩෙංගු ආසාදිත මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 13,556කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 13,355ක් වාර්තා වී ඇති අතර, මාතර දිස්ත්‍රික්කයෙන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 4,425ක් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සඳහා අවධානය යොමු කරන ලෙසයි. නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම ඩෙංගු ව්‍යාප්තිය පාලනයට වැදගත් බවද ඔවුන් පෙන්වා දෙයි.

තත්ත්වය දරුණුයි රට පුරාම වෛරසය පැතිරිලා මරණ 42ක් දක්වා ඉහළට - රෝගීන් 64,000 ළංවෙයි

තත්ත්වය දරුණුයි රට පුරාම වෛරසය පැතිරිලා මරණ 42ක් දක්වා ඉහළට - රෝගීන් 64,000 ළංවෙයි

ඩෙංගි මදුරුවා ගැන අලුත් අනාවරණයක් - දෂ්ඨ කරන වෙලාවේ වෙනසක් සියලු දෙනාටම දැනුවත් කිරීමක්

ඩෙංගි මදුරුවා ගැන අලුත් අනාවරණයක් - දෂ්ඨ කරන වෙලාවේ වෙනසක් සියලු දෙනාටම දැනුවත් කිරීමක්